Tuesday, March 29, 2011

අයියා...


     මගේ අයියා මම දැකල තියන අනිත් අයියලට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. අයිය මට වඩා අවුරුදු 11ක් වැඩිමල්. ඒත් මං ඉපදෙද්දි, මං පොඩි කාලේ එයාට මං ගැන කිසිම ඊරිසියාවක් තිබ්බේ නෑ. එයා මං චූටි කාලේ ඉදන්ම මට ගොඩක් ආදරෙයි, ඇත්තමයි. තමන්ගේ මල්ලිට ඊරිසියා කරන අයියලා ගොඩක් ගැන මං අහල තියනවා. නමුත් මගේ අයියා වෙනස් කියල මං කිව්වේ ඒකයි.


     එයා මගේ අයියා උනාට ඇත්තටම මගේ තාත්තා වගේ. මට ගොඩක් දේවල් කියල දීලා තියනවා. ගොඩක් දේවල් ලබල දීල තියනවා. වෙන කාටවත් මගේ වයසෙදි ලබන්න බැරි දේවල් සෑහෙන්ට මට දීලා තියනවා. මගේ ජීවිතේ බොහොමයක් වැදගත් වැඩ වලට ආරම්භය දීලා තියෙන්නේ එයා.

     මම චූටි කාලේ මට මුළින්ම කොම්පීතරයක් අතපත ගාන්න දුන්නේ එයා. ඒ පිහිටෙන් මං අද ඒ අංශයෙන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. තව වාහනයක් එලවන්නේ මෙහෙමයි කියල මට මුලින්ම ස්ටියරින් වීල් එක අතට දුන්නෙත් එයාමයි. මගේ ජීවිතේ විශේෂම දේවල් එයා නිසා ආරම්භ උන දේවල්. එයා මගේ අයියා උනාට ඇත්තටම මගේ තාත්තා වගේ. ආහ් තව, මට මුලින්ම KFC එකෙනුයි McDonalds එකෙනුයි කෑම අරන් දුන්නෙත් එයා කියල මං ආදරයෙන් මතක් කරන්න ඕනේ. big smile 

     මටයි අයියටයි දීර්ඝ කාලයක් එකට ඉන්න බැරි උනා. ඒ එයා අවුරුදු 19දි විදේශගත උන නිසා. දැන් එයාට 28යි. එයා මාස 1.5කට සැරයක් ලංකාවට ආවට ඉන්නේ දවස් 3යි. ඒකත් එන දවසයි, ඉන්න දවස‍යි, යන දවසයි. එයා කියනව මෙහෙ ඉද්දි එයාගේ වැඩ පාඩු වෙනවලු. ඇත්තටම ඒක ඇත්ත. එයාට බිස්නස්වලට මාරම මාර මොලයක් තියෙන්නේ. එයාගේ වැඩ බලන්නම ඕනේ.

     මගේ යාළුවො ගොඩක් මට කියනවා, ඉෂාර ඔය වගේ අයියා කෙනෙක් වෙන කාටවත් නෑ කියල. ඇත්තමයි. මාත් ඒක දන්නවා. මං එයාට ගොඩක් ආදරෙයි....

     ඔයාල දන්නවද මම දිව හපාගෙන මේ පෝස්ට් එක ලිව්වේ ඇයි කියල? මේකයි,

     අද මගේ ආදරණීය අයියාගේ 28වෙනි උපන්දිනේ   (මාර්තු 29)

     අයියේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.........   praying applause applause
    

15 comments:

  1. ඉෂාර මල්ලී, ඔන්න මමත් ඔයාගේ ආදරණීය අයියට සුභම සුභ උපන්දිනයක් ප්‍රාර්ථනා කරනවා. ඔයා හරි වාසනාවන්තයි..:)

    ReplyDelete
  2. @ ප්‍රාර්ථනා අක්කා...
    බොහොම ස්තුතියි... ඒ කතාවනන් ඇත්ත අක්කේ...

    ReplyDelete
  3. පරක්කු වෙලා හරි කමක් නැහැ.. අපිත් විශ් කලා කියන්න... :)

    ReplyDelete
  4. @ කොට ජීවිතේ

    පරක්කු උනත් විශ් කලානේ අක්කේ :) කියන්නන් කියන්නන් :)

    ReplyDelete
  5. අඩේ දැනුයි බං දැක්කේ.... මාත් විෂ් කලා කියපං... ලේට් විෂස් ඇ...

    ReplyDelete
  6. දැන් හරි විශ් කලානේ... බෝම තැන්කූ :)

    ReplyDelete
  7. ඔයයි අය්යයි අතර වයස පරතරය ගොඩක් වෑඩි නිසා අය්ය ඔයාට ගොඩක් ආදරේ ඇති.රන්ඩු එහෙමත් අඩු ඇති එහෙනම්.

    පලි:වර්ඩ් වෙරිෆිකේශන් අයින් කරන්ඩො...

    ReplyDelete
  8. ඇත්තමයි අක්කේ ආත්මෙකට රන්ඩු වෙලා නෑ :) :) :)

    වර්ඩ් වෙරිෆිකේශන් අයින් කලෝ...

    ReplyDelete
  9. 1st pic, I'm not quiet sure, I think it's near Ruwanweliseya...

    2nd pic, there's one park called "Safa Park" in Dubai...

    ReplyDelete
  10. Thanks for let us know... stay well.

    ReplyDelete
  11. මාත් අයියා කෙනෙක්...මල්ලි කෙනෙක්ට දෙන්න පුලුවන් හොදම තෑග්ග තමා ඔයා මෙ කරල තියෙන articl එක

    ReplyDelete
  12. දැන් දිව කොහොමද.....:p

    දෙන්නටම ජය!

    ReplyDelete
  13. @ Sabith බොහොම ස්තූතියි අයියේ :)

    ReplyDelete
  14. @ දඩිබිඩිස් ආහ්... දැන්නන් දිව හොදයි :)

    ReplyDelete