Thursday, February 24, 2011

මොකද බං හැංගුනෙ???


හා හා පුරා කියල මගේ ප්‍රථම පෝස්ට් එක මට වෙච්ච සිද්ධියකින්ම පටන් ගන්න හිතුනා. ඇත්තටම මට කිව්වට මගේ දයාබර යාළුවෙක්ට.. ඕක වුනේ අපි සාමාන්‍ය පෙළ කරන කාලේ.. මට ඉතින් හරිම හිතවත් දයාබර මිත්‍රයෝ සෙට් එකක් හිටියා.. මම, ඩබලා (ශානක), පාටියා (අරුණ), බන්ඩා (හිරන්ත).. අපි කස්ටිය හැම වෙලේම එකට තමා හිටියේ.. අතිෂයෝක්තිය නෙවේ, අපි ඉස්කෝලෙත් හිටිය හොද ළමයි. වලියකට මීටර් 500ක් මෙහයින්වත් අපි යන් නෑ.. හරි හරි ඒ ගැන ඒ ඇති. කියන්න ආපු එක කියන්නන්කො.. ඔය කාලේ මායි, පාටියයි, බන්ඩයි ගියා අයි.ටී ක්ලාස් එකකට. අපි හැමදාම යන්නෙත් එකට එන්නෙත් එකට. ඔය ස්ථානය තිබ්බෙ මීගමු පාරයි කොළඹ පාරයි යාවෙන පාරක. මේනකා ටීචර්, ඒකියන්නෙ අපිට ඉස්කෝලෙ උගන්නපු ටීචර්ම තමා ඒකත් කරේ එයාගෙ ගෙදර.. අපරාදෙ කියන්න බෑ හරිම හොද ටීචර්. වැඩේ කියන්නේ අපේ ක්ලාස් එක ඉවර වුනේ රෑ 8ට විතර. ඒ වෙලාවට බස්නන් තිබුනා, එච්චර ගැටළුවක් වුනේ නෑ. ඔන්න දවසක් අපි ක්‍ලාස් ඇරිල එනවලු. කිරිඅප්පට බල්ලො බුරපි කියල පාරෙ එක බස් එකක්වත් නෑ (මීගමු පාරේ). ඔහෙ ඕන එකක් කියල කස්ටිය කථාවෙලා පයින්ම කුරුණෑගලට අද්දන්න ගත්තා. කි‍‍ලෝමීටරයක් විතර (එච්චරත් නැද්ද මන්ද) එනකොට බන්ඩ කිව්වා, මචන් හැබැයි කොළඹ පාරෙනන් බස් ඇති කියල. මං කිව්ව නෑ නෑ මෙහෙමම යන් කියලා මොකද බන්ඩ කියල තිබ්බ අපිට වඩේ අරන් දෙන්නන් කියල ඉස්සරහින්. ආයෙ සැරයක් කිරිඅප්පට බල්ලො බුරපි කියල පාටිය කිව්ව, නෑ බං කොළඹ පාරට ගිහිල්ල බස් එකක යන් කියල. මොනව කරන්නද බහුතර මතයට තැන දෙන්න ඕන නිසා මාත් හා කිව්ව. ඔන්න ඉතින් අපි ආපහු හරවල ආයෙ පන්තිය ගාවට ඇවිල්ල කොළඹ පාරට ගියා. බස් හෝල්ට් එකේ විනාඩි විස්සක්වත් ඉන්න ඇති. මට දැන් හොදටම තද වෙලා... මම කිව්වා, ගිය විදිහට මේ වෙද්දි ගියානන් ගිහිල්ල.. කොහෙද ඉතින් මගුලක් කිව්වනේ කියල... පාටියයි බන්ඩයි, ඇත්තටම ඔව් බං, දැන් මොනව කරන්නද පයින්ම යමු කියල අද්දන්න ගත්තා. ඔන්න ඉතින් ආයේ අපි පයින් යනවා (කොළඹ පාරේ). මට ඔක්කොටම එහා තද වෙලා වඩේ නැතිවුන එකට.. පාර කට්ට කළුවරයි. අපි එකාට එකා පේන්නෙ නැ. මාවනන් කොහොමත් පේන් නැ . මම තමා පාර පැත්තෙන්ම ගියේ, ඊලගට බන්ඩ, නෙක්ස්ට් පාටිය. දැන් ඉතින් අපි ඇවිදගෙන ඇවිදගෙන යනවා.. ඒ සැරේනම් ඇත්තටම කිමි1ක් විතර යන්න ඇති. දැන් මට හිමින් හිමින් පිටි පස්සෙන් ඇහෙනව බස් එකක සද්දෙ. මම බන්ඩට කිව්ව, මචන් බසයක් එනවා විගසින් නැග එල්ලෙමු කියල. උත් කිව්වා එසේය එසේය කියලා. ඇත්තටම කියනවනන් බස් එක නැවැත්තුවෙ නෑ, නමුත් පුරුෂ ශක්තිය පාවිච්චි කරල අපි එල්ලුනා.. කොන්දොස්තර මාමත් අසරණ අපේ සල්ලි ටික කඩා ගන්න එතෙන්ට ආවා. මම කොහොමත් හරිම පරිත්‍යාශීලියිනේ, මම කිව්ව කුරුණෑගලට 3ක් කියල. එයා ඇහුව කාටද කියල. අයියෙ (අන්කල්) මටයි මුටයි මූටයි... හත්වලාමේ!!!! තුන්වෙනි පාරටත් කිරිඅප්පට බල්ලො බුරපි කිව්වා.. මූ නෑනේ, පාටිය මිසින් surprised .. මූ කොයි ලෝකෙ ගියාද? දෙයියො තමයි දන්නෙ. බන්ඩත් ඩිම් වෙලා ඉන්නවා. මං කිව්වා දයාබර අයියේ අපිත් එක්ක තව ගොන් වස්සෙක් හිටිය, උට නැගගන්න බැරි වෙලා, පින් සිද්ධ වෙනවා, කරුණාකරල ඉස්සරහින් අපිව බස්සනවද කියල. ඔන්න අපි බැස්සා.. කොන්දොස්තරට දෙවි රැකවරණයි කියලා කීයක්වත් දෙන්න උනේ නෑ. මං හිතන්නේ හෝල්ට් 3ක්වත් එන්න ඇති. ආයෙ අනිත් පැත්ත හැරිල අර ගොන් වස්සව හොයන්න පයින්ම යන්න පටන් ගත්ත. අපි ඇවිදන් එද්දි ඈතින් තව එකෙක් අපේ පැත්තට එනවා දැක්ක. ඔව් ඔව් පාටිය තමයි. අපිව දැකල පොඩි එකා වගේ දුවගෙන ඇවිල්ල ඇගට පැන්න. මහ හයියෙන් හිනාවෙලා ඇහුවා ඉෂාරෝ්්්්් මොකද බං හැන්ගුනේ කියල. මට ඉතින්..... devil කියල වැඩක් නෑ... ආයේ මුළු ගමනම පයින්ම ඇද්ද. වැඩිපුරත් එක්ක ඇවිද්ද. කමක් නෑ ඇගටත් හොදයිනේ. ටවුමට එද්දි 9.50ට විතර ඇති.ටවුමට එනකන් මම කිසිම කථාවක් නැ arms  ආහ් අරූට වෙච්ච දේ කිව්වෙ නෑනෙ. අපිත් එක්ක කලින් උ ඇවිදගෙන එද්දි සපත්තුවෙ ලේස් එකක් ගැටගහන්න නැවතිල. උ අපිට කථාකරල, අපිට ඇහිල නෑ. අපි ඇවිදගෙන ඇවිද‍ගෙන ගිහිල්ල බස් එකට නැගල. මූ ඔලුව උස්සල බලද්දි අපි නෑ. උ දන්නෙත් නෑ අපිට මොකද වුනේ කියල..  කොහොම කොහොමහරි පහුවදා ඉස්කෝලෙ ගියාම හැම එකාම උගෙන් අහනව මොකද බං හැන්ගුනේ කියල.. තාමත් අපි මීට් වුනාම කියන කථාවක් තමා ඕක...