Thursday, March 24, 2011

ඔටු දේසේ උනුසුම් පිළිගැනීම


 එකම එක පොස්ට් එකයි දැම්මෙ, මිනිහ ආගිය අතක්වත් නෑ නෙද? ඕවා ඔහොම තමා. ගනන් ගන්න එපා, හොදද? ඉතින් කෙලින්ම කතන්දර් කියන්නන්කෝ.

  මගේ අයියා වැඩ කරන්නේ ඔටු දේසෙක. ඒ කියන්නෙ මැද පෙරදිග රටක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරේ. ඔටු දේ‍සයක් කිව්වට ඉතින් ඇත්තටම බෙහෙතකටවත් ඔටුවෙක් නැති තරම් එහෙ. මමත් ඉතින් ඔය අ.පො.ස. සා/පෙ කලාට පස්සෙ අයියව බැහැ දකින්න යන්න තමා හිතන් හිටියේ. බැහැ දකින්න කිව්වට තව පොඩි පොඩි වැඩ වගයකුත් තිබ්බ. ඒවා පස්සෙ කියන්නනකෝ....
‍   කොහොම කොහොමහරි අවශ්‍ය සියළුම වැඩ කරල වීසා ගන්න ගියාම චූටි ප්‍රෂ්නයක් ආවා. මට තාම 16යිනෙ, ඒ නිසා Visit Visa එකකින් තනියම යන්න බෑ කියල. අන්තිම මොහොතේ තාත්තටත් මාත් එක්ක යන්න සෙට් වුනා. අපි දෙන්නම කටුනායක හුළන්කුරුළු පාර්ක් එකට ගිහිල්ල කොන්දොස්තර අයියට සීසන් දෙක පෙන්නල හුළන් කුරුල්ලට ගොඩ උනා. දැන් පාන්දර 1.00ට විතර ඇති. පැය 4.30ක විතර ගමනක් යන්න තියනවනේ. 

  හුළන්කුරුල්ල දුව.....ගෙන ගිහිල්ල අහසට නැග්ග. බ්‍රරූම් බ්‍රරූම් දැන් යනවා. ගමන පුරාවටම වැඩි හරියක් පේන්නෙ මුහුද. පාන්දර නිසා කිසිම දෙයක් පේන්නෙ නෑ. ඉන්දියාව පොඩ්ඩක් පේනවා. ආයේ ලස්සනට ලයිට් දාල තියන ඕමාන් පේනවා. ඊට පස්සේ ඉතින් ඩුබායි. අපි හුළන්කුරුල්ලගෙන් බැහැල හුළන්කුරුළු පාර්ක් එක ඇතුලට ගියා. ඇස් පරික්ෂාව එහෙම කරගෙන Visa ගහගන්න Immigration Counter පැත්තට යද්දි එක කවුන්ටරේක හිටපු අරාබි ජාතිකයෙක් මට අත වැනුවා. ඒත් එතන උඩ බොඩ් එකක් තිබ්බ "For GCC Nationals Only" කියලා. ඒ කියන්නේ එතනින් එළියට යන්න පුළුවන් අරාබි රටවල්වල අයට විතරයි. සෙනග අඩු නිසා එතනින් ගන්නව කියල හිතුනත් මම එතෙන්ට ගියේ නෑ. ඊට පස්සෙ එයා මට ආයෙ කථාකරා. ඒ සැරේනන් මම ගියා. මිනිහ මට ආරාබි වලින් මොන මොනවද කියවගෙන ගියා (මිනිහ හිටියෙ නිදිමතේ, මට දැනුන හැටියට) .

අරයා - أين أنت ذاهب? لا نستطيع فهم مني إليك? لقد طلبت منكم يأتون من هنا "
මම    - sick sick sick Do you speak English? 
අරයා - أين أنت ذاهب? لا  Ah yes ... Why? 
මම    - Because I can't understand Arabic, and also I thought only the GCC Nationals could pass from here.
අරයා - You drink something?
මම    -  angry Excuse me!!! Not me say so, that ( මම එයාට උඩ බෝඩ් එක පෙන්නුවා )
අරයා -  Err... ok ok ..........

   කොහොම කොහොමහරි Airport එකෙන් එලියට ආවෙ ලැබිච්ච පිළිගැනීම ගැන සෑහෙන අප්සට් එකේ. එලියට ඇවිල්ල බලපුවම තව කේස් එකක්. ෆෝන් එකේ Roaming දාගෙන ආවට ඒක මෙහෙ වැඩ නෑ. මලකෙළියයි, දැන් අයියට කථා කරන්නෙ කොහොමද? වෙලාවට එතන හිටිය සෙකුරුටි මාමා කෙනෙක් අයියට කෝල් එකක් දුන්නා. අයියා අපි ලගමයි ඉදලා තියෙන්නේ, කෝල් එක දුන්න ගමන් ආවා.

  වෙලාව පාන්දර 4ට විතර ඇති. අයිය ගෙදර යන ගමන් කඩයක් ගාවින් නවත්තලා නමක් දන්නැති බනිසෙකුයි නෙස්කැෆේ එකකුයි අරන් දුන්නා. මම ඒකෙන් උගුරයි බීවේ දවස් 5ක් විතර යනකම් දැනෙන්නම දිව පුච්ච ගත්තා beat මටනම් එදා මහ සවුත්තුම දවසක්.  

   අයිය කිව්ව සාමාන්‍යයෙන් ලංකාවෙන්, ඉන්දියාවෙන් වගේ Visit Visa එන අය උන් බයිට් එකට ගන්නමලු බලන්නේ. රටම එපා වෙනවා Airport එකෙන්. හැබැයි හැමෝමත් එහෙම නෑ... 










4 comments:

  1. හික් හික් මාර වෑඩනෙ ඔයාටත් වෙන්නෙ.

    ReplyDelete
  2. Blogger එකේ yahoo smiley faces පාවිච්චි කරන්න පුළුවන් කියල දැක්කේ අදයි! කොහොම වුනත් කතාවනම් අපූරුයි! :D

    ReplyDelete
  3. Yahoo smileys දාන්න පුළුවන්. :) ‍තැන්කූ තැන්කූ

    ReplyDelete