Monday, November 28, 2011

ඉරට යටින්... හදට යටින්... කාලය පැනයනවා ♫ ♪


කාලය මහ පුදුම දෙයක්. අපිව දාලා යනවා අපිවත් දන්නේ නෑ. එහෙම දාලා ගියා කියලා දැනගත්ත දවසට දැනෙන දුක කියලා නිම කරන්නත් බෑ. A/L පටන් අරගෙන වාරයක් ගියා කියලා දැනුනෙත් ලබන සතියෙ Term Test කියලා මතක් උන නිසා.

"Life is a clock" ජීවිතය ඔරලෝසුවක් කියලා Robert. H. Smith කවියා කිව්වා. ඒ ඔරලෝසුවේ කටු කොයි අවස්ථාවේ නවතිනවද කියලා කවුරුත් දන්නෙ නෑ. වමට සිග්නල් දාලා හැරෙව්වොත් ඔය  ඔරලෝසුව බලන්න පුළුවන් :) ඉතින් ඔන්න ඕකෙ හැමෝටම පැයක් ගතකරන්න ලැබෙන්නෙ නෑ. සමහරු විනාඩි 5ක් 10ක් ඉදලා යනවා. කොයිවෙලේ අපිටත් යන්න වෙයිද දන්නෙ නෑ. ඒ නිසා අපිට කරන්න තියෙන්නෙ ඒ ඒ කාලෙට අයිති දේ උපරිමයෙන් කරන ඒක.  එතකොට ලොකු දුකක් නෑ. ඒකම දේ අපිට අයිති මේ වර්ථමානය විතරයි කියලා තේරුම් ගන්න. වර්ථමානය පුළුවන් උපරිමයෙන් ගතකරන්න. පුළුවන් තරම් හොදට ජීවත් වෙන්න.

අද අපි අතින් යම් දෙයක් වැරදුනොත් අදම ඒක නිවැරදි කර ගන්න. නැත්නම් තව කාලයක් ගිහිල්ලා ඒ වැරදි මතක් උනාම, අපිට ඒවා හදාගන්න තිබ්බා නේද කියලා ලොකු දුකක් දැනෙනවා.

Tuesday, October 11, 2011

මට සුබ මෙව්වා එකක් වේවා (17+)



      සෑහෙන කාලෙකින් මේ පැත්තේ ආවේ. මොනව කරන්නද, අන්තර්ජාලේ මිසින් වෙලා තිබ්බේ. කොහොම කොහොම හරි මම මේ පැත්තේ ආවේ ඉතා වටිනා නිව්ස් එකක් දීලා යන්න. මොකක්ද දන්නවද? නෑ? අයියෝ වැඩක් නෑනේ. එහෙනන් අහගන්නකෝ...

           අද ගොඩක් වැදගත් දවසක්. අද තමා මගේ.... නෑ බං සීයාගේ දානේ නෙවේ, මොකක්? වෙඩින්? පිස්සුද යකෝ? නෑ නෑ ළමා දිනේ පහුඋනා. අහගනින්කෝ කෑගහන් නැතුව. අද මගේ මෙව්ව එක.  උපන්දිනේ, උපන්දිනේ. සිංහලෙන් කීවෝත් බර්ත් ඩේ එක. දැන් තේරුනාද? අද වගේ වටිනා දවසක තමයි මං වගේ එකෙක් මේ ලෝකෙට ආවේ. සෙල්ලන් නෑ, මීට අවුරුදු 17කට කලින්. හරියටම කීවොත් මේ වෙද්දි මගේ වයස අවු. 17යි පැය කීපයක්. 

          මට හරි සතුටුයි අප්පා. උදේ නැගිටිද්දි විෂස් ගොඩායි, ඇයි තෑගි. මට මගේ උපන්දිනේ අමතක උනත් අනිත් එවුන්ටනන් අමතක වෙන් නෑ. තව කලින් අපේ ඉස්කෝලේ හිටපු යාළුවෝ මතක් කරලා තිබ්බා ගිය අවුරුද්දේ එයාලත් එක්ක උපන්දිනේ සමරපු හැටි. එත් තාම මට හිතා ගන්න බැරි අවුරුද්දකින් වයසට යන එකට මොකාද යකෝ පාටි දාන්න කීවේ. මුන් සෝමාලියාවේ ඉදන් ඇවිල්ලා වගේ. "තොට හැපි බර්ත්ඩේ" කියලා තව මැසේජ් දෙකකින් විතර කන්න ඉල්ලලා. smileyගොඩක් එවුන්ට ඕනේ කේක්. ඇයි යකෝ ඉල්ලපන්කෝ මගෙන් රෝස්ට් පාන්, කේක්ම ඉල්ලන්නේ. නැත්තන් බතලයි ලුණුමිරිසුයි වගේ smiley

           කොහොම කොහොම හරි මගේ යාළුවෝ ඔක්කොටම ගොඩා.....ක් ස්තූතියි. ඔයාලා ඔක්කොම හරි ෂෝක් අප්පා, ආදරේ හිතෙනවා    smiley



Tuesday, March 29, 2011

අයියා...


     මගේ අයියා මම දැකල තියන අනිත් අයියලට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. අයිය මට වඩා අවුරුදු 11ක් වැඩිමල්. ඒත් මං ඉපදෙද්දි, මං පොඩි කාලේ එයාට මං ගැන කිසිම ඊරිසියාවක් තිබ්බේ නෑ. එයා මං චූටි කාලේ ඉදන්ම මට ගොඩක් ආදරෙයි, ඇත්තමයි. තමන්ගේ මල්ලිට ඊරිසියා කරන අයියලා ගොඩක් ගැන මං අහල තියනවා. නමුත් මගේ අයියා වෙනස් කියල මං කිව්වේ ඒකයි.


     එයා මගේ අයියා උනාට ඇත්තටම මගේ තාත්තා වගේ. මට ගොඩක් දේවල් කියල දීලා තියනවා. ගොඩක් දේවල් ලබල දීල තියනවා. වෙන කාටවත් මගේ වයසෙදි ලබන්න බැරි දේවල් සෑහෙන්ට මට දීලා තියනවා. මගේ ජීවිතේ බොහොමයක් වැදගත් වැඩ වලට ආරම්භය දීලා තියෙන්නේ එයා.

     මම චූටි කාලේ මට මුළින්ම කොම්පීතරයක් අතපත ගාන්න දුන්නේ එයා. ඒ පිහිටෙන් මං අද ඒ අංශයෙන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. තව වාහනයක් එලවන්නේ මෙහෙමයි කියල මට මුලින්ම ස්ටියරින් වීල් එක අතට දුන්නෙත් එයාමයි. මගේ ජීවිතේ විශේෂම දේවල් එයා නිසා ආරම්භ උන දේවල්. එයා මගේ අයියා උනාට ඇත්තටම මගේ තාත්තා වගේ. ආහ් තව, මට මුලින්ම KFC එකෙනුයි McDonalds එකෙනුයි කෑම අරන් දුන්නෙත් එයා කියල මං ආදරයෙන් මතක් කරන්න ඕනේ. big smile 

     මටයි අයියටයි දීර්ඝ කාලයක් එකට ඉන්න බැරි උනා. ඒ එයා අවුරුදු 19දි විදේශගත උන නිසා. දැන් එයාට 28යි. එයා මාස 1.5කට සැරයක් ලංකාවට ආවට ඉන්නේ දවස් 3යි. ඒකත් එන දවසයි, ඉන්න දවස‍යි, යන දවසයි. එයා කියනව මෙහෙ ඉද්දි එයාගේ වැඩ පාඩු වෙනවලු. ඇත්තටම ඒක ඇත්ත. එයාට බිස්නස්වලට මාරම මාර මොලයක් තියෙන්නේ. එයාගේ වැඩ බලන්නම ඕනේ.

     මගේ යාළුවො ගොඩක් මට කියනවා, ඉෂාර ඔය වගේ අයියා කෙනෙක් වෙන කාටවත් නෑ කියල. ඇත්තමයි. මාත් ඒක දන්නවා. මං එයාට ගොඩක් ආදරෙයි....

     ඔයාල දන්නවද මම දිව හපාගෙන මේ පෝස්ට් එක ලිව්වේ ඇයි කියල? මේකයි,

     අද මගේ ආදරණීය අයියාගේ 28වෙනි උපන්දිනේ   (මාර්තු 29)

     අයියේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.........   praying applause applause
    

Blogger ඉතිහාසය...


ගොඩාක් කස්ටිය බ්ලොගර් පාවිච්චි කරනවනේ නේද? මේක දැනට තියන free blog hosting වෙබ් අඩවි අතුරෙන් සෑහෙන්ට ජනප්‍රිය එකක්. නිකමටවත් මේක ඉස්සර කොහොම තියෙන්න ඇතිද කියල බලන්න හිතුනේ නැද්ද?

1999 බ්ලොගර්

මේ වෙබ් අඩවිය ආරම්භ කරලා තියෙන්නේ 1999 අගෝස්තු 23 Pyra Labs කියන ඇමෙරිකානු සමාගම මගින්. 2000 වසරෙන් පසුව තමා මේක වැඩි වශයෙන් ප්‍රසිද්ධ උනා කියන්නේ.

2000 බ්ලොගර්

2003 වසරෙදි බ්ලොගර් වෙබ් අඩවියේ විශාල වෙනසක් උනා. Google සමාගම Pyra Labs සමාගමෙන් එය මිලදී ගත්තා. 2004 වසරෙදි වෙබ් අඩවියේ මුහුණත ගොඩක් වෙනස් උනා. ලිපි වලට ප්‍රතිචාර සැපයීමේ පහසුවද 2004 වසරේ මෙයට එක් වූ අංගයක්.


2004 බ්ලොගර්

ඔන්න ඔය ක්‍රමයට තමා අද අපි භාවිතා කරන බ්ලොගර් අ‍පේ අතට ඇවිල්ල තියෙන්නේ.....


Thursday, March 24, 2011

ඔටු දේසේ උනුසුම් පිළිගැනීම


 එකම එක පොස්ට් එකයි දැම්මෙ, මිනිහ ආගිය අතක්වත් නෑ නෙද? ඕවා ඔහොම තමා. ගනන් ගන්න එපා, හොදද? ඉතින් කෙලින්ම කතන්දර් කියන්නන්කෝ.

  මගේ අයියා වැඩ කරන්නේ ඔටු දේසෙක. ඒ කියන්නෙ මැද පෙරදිග රටක, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි නගරේ. ඔටු දේ‍සයක් කිව්වට ඉතින් ඇත්තටම බෙහෙතකටවත් ඔටුවෙක් නැති තරම් එහෙ. මමත් ඉතින් ඔය අ.පො.ස. සා/පෙ කලාට පස්සෙ අයියව බැහැ දකින්න යන්න තමා හිතන් හිටියේ. බැහැ දකින්න කිව්වට තව පොඩි පොඩි වැඩ වගයකුත් තිබ්බ. ඒවා පස්සෙ කියන්නනකෝ....
‍   කොහොම කොහොමහරි අවශ්‍ය සියළුම වැඩ කරල වීසා ගන්න ගියාම චූටි ප්‍රෂ්නයක් ආවා. මට තාම 16යිනෙ, ඒ නිසා Visit Visa එකකින් තනියම යන්න බෑ කියල. අන්තිම මොහොතේ තාත්තටත් මාත් එක්ක යන්න සෙට් වුනා. අපි දෙන්නම කටුනායක හුළන්කුරුළු පාර්ක් එකට ගිහිල්ල කොන්දොස්තර අයියට සීසන් දෙක පෙන්නල හුළන් කුරුල්ලට ගොඩ උනා. දැන් පාන්දර 1.00ට විතර ඇති. පැය 4.30ක විතර ගමනක් යන්න තියනවනේ. 

  හුළන්කුරුල්ල දුව.....ගෙන ගිහිල්ල අහසට නැග්ග. බ්‍රරූම් බ්‍රරූම් දැන් යනවා. ගමන පුරාවටම වැඩි හරියක් පේන්නෙ මුහුද. පාන්දර නිසා කිසිම දෙයක් පේන්නෙ නෑ. ඉන්දියාව පොඩ්ඩක් පේනවා. ආයේ ලස්සනට ලයිට් දාල තියන ඕමාන් පේනවා. ඊට පස්සේ ඉතින් ඩුබායි. අපි හුළන්කුරුල්ලගෙන් බැහැල හුළන්කුරුළු පාර්ක් එක ඇතුලට ගියා. ඇස් පරික්ෂාව එහෙම කරගෙන Visa ගහගන්න Immigration Counter පැත්තට යද්දි එක කවුන්ටරේක හිටපු අරාබි ජාතිකයෙක් මට අත වැනුවා. ඒත් එතන උඩ බොඩ් එකක් තිබ්බ "For GCC Nationals Only" කියලා. ඒ කියන්නේ එතනින් එළියට යන්න පුළුවන් අරාබි රටවල්වල අයට විතරයි. සෙනග අඩු නිසා එතනින් ගන්නව කියල හිතුනත් මම එතෙන්ට ගියේ නෑ. ඊට පස්සෙ එයා මට ආයෙ කථාකරා. ඒ සැරේනන් මම ගියා. මිනිහ මට ආරාබි වලින් මොන මොනවද කියවගෙන ගියා (මිනිහ හිටියෙ නිදිමතේ, මට දැනුන හැටියට) .

අරයා - أين أنت ذاهب? لا نستطيع فهم مني إليك? لقد طلبت منكم يأتون من هنا "
මම    - sick sick sick Do you speak English? 
අරයා - أين أنت ذاهب? لا  Ah yes ... Why? 
මම    - Because I can't understand Arabic, and also I thought only the GCC Nationals could pass from here.
අරයා - You drink something?
මම    -  angry Excuse me!!! Not me say so, that ( මම එයාට උඩ බෝඩ් එක පෙන්නුවා )
අරයා -  Err... ok ok ..........

   කොහොම කොහොමහරි Airport එකෙන් එලියට ආවෙ ලැබිච්ච පිළිගැනීම ගැන සෑහෙන අප්සට් එකේ. එලියට ඇවිල්ල බලපුවම තව කේස් එකක්. ෆෝන් එකේ Roaming දාගෙන ආවට ඒක මෙහෙ වැඩ නෑ. මලකෙළියයි, දැන් අයියට කථා කරන්නෙ කොහොමද? වෙලාවට එතන හිටිය සෙකුරුටි මාමා කෙනෙක් අයියට කෝල් එකක් දුන්නා. අයියා අපි ලගමයි ඉදලා තියෙන්නේ, කෝල් එක දුන්න ගමන් ආවා.

  වෙලාව පාන්දර 4ට විතර ඇති. අයිය ගෙදර යන ගමන් කඩයක් ගාවින් නවත්තලා නමක් දන්නැති බනිසෙකුයි නෙස්කැෆේ එකකුයි අරන් දුන්නා. මම ඒකෙන් උගුරයි බීවේ දවස් 5ක් විතර යනකම් දැනෙන්නම දිව පුච්ච ගත්තා beat මටනම් එදා මහ සවුත්තුම දවසක්.  

   අයිය කිව්ව සාමාන්‍යයෙන් ලංකාවෙන්, ඉන්දියාවෙන් වගේ Visit Visa එන අය උන් බයිට් එකට ගන්නමලු බලන්නේ. රටම එපා වෙනවා Airport එකෙන්. හැබැයි හැමෝමත් එහෙම නෑ... 










Thursday, February 24, 2011

මොකද බං හැංගුනෙ???


හා හා පුරා කියල මගේ ප්‍රථම පෝස්ට් එක මට වෙච්ච සිද්ධියකින්ම පටන් ගන්න හිතුනා. ඇත්තටම මට කිව්වට මගේ දයාබර යාළුවෙක්ට.. ඕක වුනේ අපි සාමාන්‍ය පෙළ කරන කාලේ.. මට ඉතින් හරිම හිතවත් දයාබර මිත්‍රයෝ සෙට් එකක් හිටියා.. මම, ඩබලා (ශානක), පාටියා (අරුණ), බන්ඩා (හිරන්ත).. අපි කස්ටිය හැම වෙලේම එකට තමා හිටියේ.. අතිෂයෝක්තිය නෙවේ, අපි ඉස්කෝලෙත් හිටිය හොද ළමයි. වලියකට මීටර් 500ක් මෙහයින්වත් අපි යන් නෑ.. හරි හරි ඒ ගැන ඒ ඇති. කියන්න ආපු එක කියන්නන්කො.. ඔය කාලේ මායි, පාටියයි, බන්ඩයි ගියා අයි.ටී ක්ලාස් එකකට. අපි හැමදාම යන්නෙත් එකට එන්නෙත් එකට. ඔය ස්ථානය තිබ්බෙ මීගමු පාරයි කොළඹ පාරයි යාවෙන පාරක. මේනකා ටීචර්, ඒකියන්නෙ අපිට ඉස්කෝලෙ උගන්නපු ටීචර්ම තමා ඒකත් කරේ එයාගෙ ගෙදර.. අපරාදෙ කියන්න බෑ හරිම හොද ටීචර්. වැඩේ කියන්නේ අපේ ක්ලාස් එක ඉවර වුනේ රෑ 8ට විතර. ඒ වෙලාවට බස්නන් තිබුනා, එච්චර ගැටළුවක් වුනේ නෑ. ඔන්න දවසක් අපි ක්‍ලාස් ඇරිල එනවලු. කිරිඅප්පට බල්ලො බුරපි කියල පාරෙ එක බස් එකක්වත් නෑ (මීගමු පාරේ). ඔහෙ ඕන එකක් කියල කස්ටිය කථාවෙලා පයින්ම කුරුණෑගලට අද්දන්න ගත්තා. කි‍‍ලෝමීටරයක් විතර (එච්චරත් නැද්ද මන්ද) එනකොට බන්ඩ කිව්වා, මචන් හැබැයි කොළඹ පාරෙනන් බස් ඇති කියල. මං කිව්ව නෑ නෑ මෙහෙමම යන් කියලා මොකද බන්ඩ කියල තිබ්බ අපිට වඩේ අරන් දෙන්නන් කියල ඉස්සරහින්. ආයෙ සැරයක් කිරිඅප්පට බල්ලො බුරපි කියල පාටිය කිව්ව, නෑ බං කොළඹ පාරට ගිහිල්ල බස් එකක යන් කියල. මොනව කරන්නද බහුතර මතයට තැන දෙන්න ඕන නිසා මාත් හා කිව්ව. ඔන්න ඉතින් අපි ආපහු හරවල ආයෙ පන්තිය ගාවට ඇවිල්ල කොළඹ පාරට ගියා. බස් හෝල්ට් එකේ විනාඩි විස්සක්වත් ඉන්න ඇති. මට දැන් හොදටම තද වෙලා... මම කිව්වා, ගිය විදිහට මේ වෙද්දි ගියානන් ගිහිල්ල.. කොහෙද ඉතින් මගුලක් කිව්වනේ කියල... පාටියයි බන්ඩයි, ඇත්තටම ඔව් බං, දැන් මොනව කරන්නද පයින්ම යමු කියල අද්දන්න ගත්තා. ඔන්න ඉතින් ආයේ අපි පයින් යනවා (කොළඹ පාරේ). මට ඔක්කොටම එහා තද වෙලා වඩේ නැතිවුන එකට.. පාර කට්ට කළුවරයි. අපි එකාට එකා පේන්නෙ නැ. මාවනන් කොහොමත් පේන් නැ . මම තමා පාර පැත්තෙන්ම ගියේ, ඊලගට බන්ඩ, නෙක්ස්ට් පාටිය. දැන් ඉතින් අපි ඇවිදගෙන ඇවිදගෙන යනවා.. ඒ සැරේනම් ඇත්තටම කිමි1ක් විතර යන්න ඇති. දැන් මට හිමින් හිමින් පිටි පස්සෙන් ඇහෙනව බස් එකක සද්දෙ. මම බන්ඩට කිව්ව, මචන් බසයක් එනවා විගසින් නැග එල්ලෙමු කියල. උත් කිව්වා එසේය එසේය කියලා. ඇත්තටම කියනවනන් බස් එක නැවැත්තුවෙ නෑ, නමුත් පුරුෂ ශක්තිය පාවිච්චි කරල අපි එල්ලුනා.. කොන්දොස්තර මාමත් අසරණ අපේ සල්ලි ටික කඩා ගන්න එතෙන්ට ආවා. මම කොහොමත් හරිම පරිත්‍යාශීලියිනේ, මම කිව්ව කුරුණෑගලට 3ක් කියල. එයා ඇහුව කාටද කියල. අයියෙ (අන්කල්) මටයි මුටයි මූටයි... හත්වලාමේ!!!! තුන්වෙනි පාරටත් කිරිඅප්පට බල්ලො බුරපි කිව්වා.. මූ නෑනේ, පාටිය මිසින් surprised .. මූ කොයි ලෝකෙ ගියාද? දෙයියො තමයි දන්නෙ. බන්ඩත් ඩිම් වෙලා ඉන්නවා. මං කිව්වා දයාබර අයියේ අපිත් එක්ක තව ගොන් වස්සෙක් හිටිය, උට නැගගන්න බැරි වෙලා, පින් සිද්ධ වෙනවා, කරුණාකරල ඉස්සරහින් අපිව බස්සනවද කියල. ඔන්න අපි බැස්සා.. කොන්දොස්තරට දෙවි රැකවරණයි කියලා කීයක්වත් දෙන්න උනේ නෑ. මං හිතන්නේ හෝල්ට් 3ක්වත් එන්න ඇති. ආයෙ අනිත් පැත්ත හැරිල අර ගොන් වස්සව හොයන්න පයින්ම යන්න පටන් ගත්ත. අපි ඇවිදන් එද්දි ඈතින් තව එකෙක් අපේ පැත්තට එනවා දැක්ක. ඔව් ඔව් පාටිය තමයි. අපිව දැකල පොඩි එකා වගේ දුවගෙන ඇවිල්ල ඇගට පැන්න. මහ හයියෙන් හිනාවෙලා ඇහුවා ඉෂාරෝ්්්්් මොකද බං හැන්ගුනේ කියල. මට ඉතින්..... devil කියල වැඩක් නෑ... ආයේ මුළු ගමනම පයින්ම ඇද්ද. වැඩිපුරත් එක්ක ඇවිද්ද. කමක් නෑ ඇගටත් හොදයිනේ. ටවුමට එද්දි 9.50ට විතර ඇති.ටවුමට එනකන් මම කිසිම කථාවක් නැ arms  ආහ් අරූට වෙච්ච දේ කිව්වෙ නෑනෙ. අපිත් එක්ක කලින් උ ඇවිදගෙන එද්දි සපත්තුවෙ ලේස් එකක් ගැටගහන්න නැවතිල. උ අපිට කථාකරල, අපිට ඇහිල නෑ. අපි ඇවිදගෙන ඇවිද‍ගෙන ගිහිල්ල බස් එකට නැගල. මූ ඔලුව උස්සල බලද්දි අපි නෑ. උ දන්නෙත් නෑ අපිට මොකද වුනේ කියල..  කොහොම කොහොමහරි පහුවදා ඉස්කෝලෙ ගියාම හැම එකාම උගෙන් අහනව මොකද බං හැන්ගුනේ කියල.. තාමත් අපි මීට් වුනාම කියන කථාවක් තමා ඕක...