මගේ අයියා මම දැකල තියන අනිත් අයියලට වඩා ගොඩක් වෙනස් කෙනෙක්. මම එහෙම කියන්න හේතු ගොඩක් තියනවා. අයිය මට වඩා අවුරුදු 11ක් වැඩිමල්. ඒත් මං ඉපදෙද්දි, මං පොඩි කාලේ එයාට මං ගැන කිසිම ඊරිසියාවක් තිබ්බේ නෑ. එයා මං චූටි කාලේ ඉදන්ම මට ගොඩක් ආදරෙයි, ඇත්තමයි. තමන්ගේ මල්ලිට ඊරිසියා කරන අයියලා ගොඩක් ගැන මං අහල තියනවා. නමුත් මගේ අයියා වෙනස් කියල මං කිව්වේ ඒකයි.
එයා මගේ අයියා උනාට ඇත්තටම මගේ තාත්තා වගේ. මට ගොඩක් දේවල් කියල දීලා තියනවා. ගොඩක් දේවල් ලබල දීල තියනවා. වෙන කාටවත් මගේ වයසෙදි ලබන්න බැරි දේවල් සෑහෙන්ට මට දීලා තියනවා. මගේ ජීවිතේ බොහොමයක් වැදගත් වැඩ වලට ආරම්භය දීලා තියෙන්නේ එයා.
මම චූටි කාලේ මට මුළින්ම කොම්පීතරයක් අතපත ගාන්න දුන්නේ එයා. ඒ පිහිටෙන් මං අද ඒ අංශයෙන් ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. තව වාහනයක් එලවන්නේ මෙහෙමයි කියල මට මුලින්ම ස්ටියරින් වීල් එක අතට දුන්නෙත් එයාමයි. මගේ ජීවිතේ විශේෂම දේවල් එයා නිසා ආරම්භ උන දේවල්. එයා මගේ අයියා උනාට ඇත්තටම මගේ තාත්තා වගේ. ආහ් තව, මට මුලින්ම KFC එකෙනුයි McDonalds එකෙනුයි කෑම අරන් දුන්නෙත් එයා කියල මං ආදරයෙන් මතක් කරන්න ඕනේ.
මටයි අයියටයි දීර්ඝ කාලයක් එකට ඉන්න බැරි උනා. ඒ එයා අවුරුදු 19දි විදේශගත උන නිසා. දැන් එයාට 28යි. එයා මාස 1.5කට සැරයක් ලංකාවට ආවට ඉන්නේ දවස් 3යි. ඒකත් එන දවසයි, ඉන්න දවසයි, යන දවසයි. එයා කියනව මෙහෙ ඉද්දි එයාගේ වැඩ පාඩු වෙනවලු. ඇත්තටම ඒක ඇත්ත. එයාට බිස්නස්වලට මාරම මාර මොලයක් තියෙන්නේ. එයාගේ වැඩ බලන්නම ඕනේ.
මගේ යාළුවො ගොඩක් මට කියනවා, ඉෂාර ඔය වගේ අයියා කෙනෙක් වෙන කාටවත් නෑ කියල. ඇත්තමයි. මාත් ඒක දන්නවා. මං එයාට ගොඩක් ආදරෙයි....
ඔයාල දන්නවද මම දිව හපාගෙන මේ පෝස්ට් එක ලිව්වේ ඇයි කියල? මේකයි,
අද මගේ ආදරණීය අයියාගේ 28වෙනි උපන්දිනේ (මාර්තු 29)
අයියේ ඔයාට සුබම සුබ උපන්දිනයක් වේවා.........